සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මෙම මැතිවරණය, වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළෙහි පසු විපරමයි – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

 alt=තිස් වසරක් පුරා මෙරට පැවති යුද්ධය අවසන් කරමින් රටට නිදහස ගෙන ආ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නේ නම් රට අධිරාජ්‍යවාදීන්ට හිමිකර ගැනීමට අවස්ථාව සලසන, රටේ ජාතික සම්පත් විජාතිකයන්ට විකුණා දමන වත්මන් පාලකයින්ට දෙන දඩුවම කුමක්දැයි විමසා සිටින බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් අවධාරණය කර සිටියි. එළිය සංවිධානය විසින් ඊයේ (30) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පළකරන ලදී.

වැඩිදුරටත් අදහස් පළකරමින් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසා සිටියේ ව්‍යාජ එක්සත් ජාතික පක්ෂ විරෝධයක් පෙන්නුම් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, තමන්ට යම් ස්ථානයක් ගෙඩනගා ගැනීමේ උත්සහයක නිරතව සිිටින බවයි.

2015 වසරේ බලයට පත් වත්මන් ආණ්ඩුවේ පාලන ක්‍රමය රටේ ජනතාව විසින් අනුමත කරන්නේද, නැති ද? යන්න සම්බන්ධයෙන් මෙන්ම ආණ්ඩුව පිළිබදව වන පසුවිපරමක් ලෙස මෙවර පළාත් පාලන මැතිවරණය හැදින්විය හැකි බව ද අභයතිස්ස හිමි තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ එළිය සංවිධානයේ සාමාජික නීතිඥ කල්‍යානන්ද තිරණාගම මහතා පවසා සිටියේ මේ වන විට විවිධාකාරයේ නළුවන් දේශපාලන වේදිකාව මත විවිධ ප්‍රකාශ නිකුත් කරමින් ජනතාව නොමග යවමින් සිටින බවයි. වංචා, දූෂණ වලට සම්බන්ධ පුද්ගලයින් හට දඩුවම් ලබාදීම සදහා නව නීති සකස් කළයුතු බව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් පවසා සිටින අතර පවතින නීති මගින් අදාළ පුද්ගලයින් හට දඩුවම් ලබාදීමේ හැකියාවක් පවතින බැවින් එසේ නව නීති හදුන්වාදීමේ අවශ්‍යතාවයක් නොමැති බව ද තිරණාගම මහතා මෙහිදී අවධාරණය කර සිටින ලදී.

දූෂණ වලට සම්බන්ධ පුද්ගලයින් හට දඩුවම් ලබාදීමට, වත්මන් අග්‍රාමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයාට කිසිදු අවංක අවශ්‍යතාවයක් නොමැති අතර මහබැංකු බැදුම්කර වංචාව වළක්වා ගැනීමේ වගකීම අග්‍රාමාත්‍යවරයා සතු වුව ද බැදුම්කර වංචාව විමර්ශන කොමිෂන් සභාව විසින් අග්‍රාමාත්‍යවරයා සතු එම වගකීම පිළිබදව නිසි විමර්ශනයක් සිදු නොකළ බවත් සිය අදහස් දක්වමින් තිරණාගම මහතා තවදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට