සත්‍යයේ පුවත් අඩහැරය….

අමාත්‍ය කිරිඇල්ල හා ෆයිසර්ගේ ප්‍රකාශ ගැන අවසන් තීරණය අද දැනුම් දෙනවා – මැ.කෝ

 alt=පළාත් පාලන ආයතන සදහා ප්‍රතිපාදන වෙන් කිරීම පක්ෂය විසින් සිදුකරනවන බැවින් තම පක්ෂයට මෙවර මැතිවරණයේදී ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් ලක්ෂ්මන් කිරිඇල්ල සහ ෆයිසර් මුස්තාෆා යන අමාත්‍යවරුන් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ගනු ලබන තීරණය අද (02) දැනුම් දෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කර සිටියි. පළාත් පාලන ආයතන සදහා ආදළ ප්‍රතිපාදන වෙන්කරන්නේ අග්‍රාමාත්‍යවරයා විසින් වන බැවින් තම පක්ෂයට මෙවර මැතිවරණයේදී ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පසුගිය දිනෙක දී ප්‍රකාශයක් කළ අතර ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා ද, පළාත් පාලන ආයතන සදහා ආදළ ප්‍රතිපාදන වෙන්කරන්නේ තමන් විසින් වන නිසා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවන ලෙසට ප්‍රකාශ කර ඇති අතර මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ද ලැබී තිබේ. අදාළ පැමිණිල්ල අද පැවැත්වීමට නියමිතව ඇති පක්‌ෂ ලේකම්වරුන්ගේ විශේෂ සාකච්ඡාව වෙත ඉදිරිපත් කර යම් තීරණයකට එළඹෙන බව ද මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පවසා සිටියි.

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට