හදිසි අනතුරක් නිසා පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් රෝහල්ගත කෙරේ..
මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් හදිසි අනතුරක් නිසා රෝහල් ගතකර ඇති බව වාර්තා වේ. බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් හස්තියෙකු හට ආහාර ලබාදීමට උත්සහ කිරීමේදී මෙම හදිසි අනතුර සිදුව ඇති අතර උන්වහන්සේ මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද වාර්තා වේ.