සත්‍යයේ පුවත් අඩහැරය….

නිදහස් දිනය වෙනුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ 07 ක මිල පහළට..

 alt=හෙටට (04) යෙදෙන 70 වෙනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් අත්‍යාවශ්‍ය ආහාර වර්ග 7 ක මිල පහළ දැමීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එසේ පහත දැමූ මිලගණන් ලබන 07 වැනිදා තෙක් ක්‍රියාත්මක වන අතර දිවයින පුරා ලංකා සතොස අලෙවිසැල් මගින් අදාළ භාණ්ඩ වර්ග මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින් හට හිමිවන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. අදාළ මිලගණන් අඩුකිරීම් අනුව බාස්මතී කිලෝ එකක් රුපියල් එකසීය විස්සක්ද, සුදුකැකුළු කිලෝ එකක් රුපියල් හැටක්ද, කැඩුනු සහල් කිලෝ එකක් රුපියල් පනස් නවයක්ද දක්වා මිල අඩුකර තිබේ. එමෙන්ම පරිප්පු කිලෝ එකක් එකසිය පනස් නවයක්ද, මුං ඇට කිලෝ එකක් රුපියල් එකසිය අනූපහක් ද ලොකු ළූණු කිලො එකක් රුපියල් එකසිය දහයක් ද, වියළි මිරිස් කිලෝ එකක් රුපියල් දෙසීය විස්සක් ද දක්වා මිල පහළ දමා තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට