සත්‍යයේ පුවත් අඩහැරය….

15 වනදාට පෙර මෙරටට පැමිණ ප්‍රකාශයක් දෙන්නැයි හිටපු මහබැංකු අධිපති අර්ජුන්ට නොතීසි..

 alt=මෙරට මහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණයන්හි සැකකරුවන් ලෙස හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස්‌ හා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන තිදෙනා, අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (02) නම් කරන ලදී. අදාළ වංචාව සම්බන්ධයෙන් මේ වනතුරු සිදුකරන ලද පරීක්‌ෂණයන්ට අනුව එම වංචාවට සෘජුවම සම්බන්ධ වී ඇතැයි තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඉහත පුද්ගලයින් තිදෙනා සැකකරුවන් ලෙස නම්කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට ලබන 15 වනදාට පෙර ශ්‍රී ලංකාවට පැමිණ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව වෙත මහබැංකු බැදුම්කර සිදුවීම පිළිබද ප්‍රකාශයක්‌ ලබාදෙන ලෙස නොතීසි නිකුත් කිරීමට ද අධිකරණය ඊයේ තීරණය කරන ලදී.

 

ජූනි 2018
M T W T F S S
« මැයි    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට