සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වත්මන් ආණ්ඩුව රහසිගතව, රටට අහිතකර ද්විපාර්ශවික ගිවිසුම් වලට එළඹෙමින් සිටිනවා – තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය

 alt=පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය තුළින් පමණක් ඉතා රහසිගතව විදෙස් රටවල් සමග ද්විපාර්ශවික ගිවිසුම් වලට එළඹීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය අවධාරණය කර සිටියි. ඊයේ (01) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ සභාපති කපිල පෙරේරා මහතා විසිනි.

සිය අදහස් දක්වමින් කපිල පෙරේරා මහතා අවධාරණය කර සිටියේ මේ ආකාරයට ජනතාව කිසිදු අයුරකින් දැනුවත් නොකර රටට අහිතකර ගිවිසුම් අත්සන් කිරීම සම්බන්ධයෙන් දැනුවත් කරමින් වර්තමාන ජනාධිපති මෛත්රීනපාල සිරිසේන මහතාට කිහිපවරක්ම ලිපි යොමු කළ ද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්රිතිචාරයක් නොලැබුනු බවත් මින් ඉදිරියට විදෙස් රටක් සමග යම් ගිවිසුමක් සදහා එළඹීමට කටයුතු කරන්නේ නම් ඊට මැදිහත්ව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා එක්වූ තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ මහතා පවසා සිටියේ මේ වන විට තාවකාලිකව අත්හිටුවා තිබෙන “එට්කා” ගිවිසුම අත්සන් කිරීම සදහා රහසිගතව සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බවයි. අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා යටතේ පවතින සංවර්ධන, උපාය මාර්ග සහ ජාත්යුන්තර වෙළද අමාත්‍යංශයෙන් රටට කිසිදු සෙතක් නොවන අතර ඉන් සිදුව ඇත්තේ රටේ ජාතික සම්පත් විකුණීමට අවශ්‍ය පරිසරය සකස්කිරීම පමණක් බවද සිය අදහස් දක්වමින් ලසන්ත වික්‍රමසිංහ මහතා තවදුරටත් අවධාරණය කර සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ උප ලේකම් ලහිරු කරුණාසිරි සහ සාමාජික නාලක ජයවීර යන මහත්වරුන් ද සහභාගි විය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට