අර්ජුන් සහ පලිසේන අත්අඩංගුවට..
මෙරට තුළ මෙවර මහත් ආන්දෝලනයකට පත්ව ඇති මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් ලෙස නම් කර ඇති පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. කොළඹ 03, මල්පාරේ පිහිටි එම මහත්වරුන් රැදී සිටි නිවස වැටලූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (04) උදෑසන ඉහත සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.