බැඳුම්කර වාර්තා විවාදය අද, අමතර දින දෙකකුත්..
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව, අද (06) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇත. අද දිනයට අමතරව ලබන 21 සහ 22 යන දින දෙක තුළදීද පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට නියමිතව ඇත. කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) විශේෂ පක්‌ෂ නායක රැස්‌වීමේදී මෙම අමතර දින දෙක පිළිබදව තීරණයට එළඹ තිබේ.