සත්‍යයේ පුවත් අඩහැරය….

සොරුන්ට දඩුවම් දෙන බව පවසමින් බලයට ආ ආණ්ඩුව තවමත් එතැනමයි – දූෂණ විරෝධී පෙරමුණ

 alt=වංචා සහ දුෂණ සිදුවීම් වලට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන බව පවසමින් බලයට පැමිණ මේ වන විට වසර 03 ක කාලයක් ගතවී අැතත් මෙතෙක් අදාළ පුද්ගලයින්ට එරෙහිව කිසිදු ලෙසකින් නීතිය ක්‍රියාත්මක නොවූ බව දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් අවධාරණය කර සිටියි. පසුගිය දා කොළඹ දී පවත්වන ලද මාධ්‍ය හමුවකදී පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් විසින් මෙම අදහස් පළකරන ලදී.

මහබැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින් ඇතුළු රටේ වංචා, දූෂණයන්ට සම්බන්ධ වූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් දූෂණ විරෝධී පෙරමුණ විසින් ඊයේ (06) පාර්ලිමේන්තු වටරවුමේදී විරෝධතාවයක් ද පවත්වන ලදී.

සිය අදහස් පළකරමින් උන්වහන්සේ අවධාරණය කර සිටියේ යම් සිදුවීමක් සම්බන්ධයෙන් යම් අයෙකු අත්අඩංගුවට පත්වුව ද එම පුද්ගලයින් ඉතා කෙටි කාලයකින් නිදහස්ව වීරයින් සේ සමාජය ඉදිරියේ පෙනී සිටින බවත් මෙම තත්ත්වයට සෘජුව සහ වක්‍රව වන්දි ගෙවීමට සිදුව ඇත්තේ රටේ ජනතාවට බවයි. ජනතාවට යම් සහනයක් සැලසීම අරමුණු කරගනිමින් කිසිදු දිනෙක මෙරට පාර්ලිමේන්තුව රැස් නොවන අතර කලකෝලාහල කරමින් පාර්ලිමේන්තුව පැවැත්වුව ද සියළු මන්ත්‍රීවරුන් හට අදාළ දීමනා සහ පහසුකම් සියල්ල ලැබෙන නමුත් ඒ සදහා වැයකරන්නේ රටේ වැඩකරන ජනතාවගේ බදු මුදල් බවද සිය අදහස් දක්වමින් සුමංගල හිමි තවදුරටත් අවධාරණය කර සිටින ලදී.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ පූජ්‍ය මාතර ආනන්ද සාගර හිමියන් පවසා සිටියේ මෙරට සිදුවන ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කරනු ලබන කමිටු මගින් කිසිදු විසදුමක් නොලැබෙන අතර එය රටේ ජනතාවගේ මුදල් නිකරුනේ වැය කිරීමක් බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට