හෙට සුරාසැල් වැසෙයි..
හෙට (10) දිනයේදී දිවයින පුරා සියඵ සුරාසැල් වසා දැමීමට නියමිතව ඇත. පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන බැවින් මෙසේ හෙට දිනයේ දී සුරාසල් වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සුරාසැල් හිමියන්ට දනුම් දී ඇති අතර අදාළ නියෝගය කඩකරනු ලබන සුරාසැල් හිමියන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණය කර සිටියි.