සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තුව විසුරුවා හැර නව රජයක් පිහිටුවා රටේ අස්ථාවරභාවය නැති කළයුතුයි – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

 alt=පළාත් පාලන ආයතන 232 ක බලය තහවුරු කරගනිමින් මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ජයග්‍රහණය ඓතිහාසික ජයග්‍රහණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවාධාරණය කර සිටියි. අද (12) කොළඹ දී පවත්වන ලද මාධ්‍ය හමුවකදී රාජපක්ෂ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මේ වන විට රට තුළ ඇතිවී තිබෙන අස්ථාවරභාවය නැති කිරීමට නම් වහාම පාර්ලිමේන්තුව විසුරුවා, මහ මැතිවරණයක් පැවැත්වීම තුළින් නව රජයක් තෝරා පත්කරගතයුතු වාතාවරණයක් ඇතිවී තිබෙන බව ද හිටපු ජනාධිපතිවරයා සදහන් කර සිටියි.

වත්මන් ආණ්ඩුව දියත් කර ඇති පළිගැනීමේ ක්‍රියාවලිය සහ ජනතාව මත බදු බර පැටවීම, ජනතා සහනාධාර කප්පාදු කිරීම යනාදිය හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙම දැවැන්ත ජයග්‍රහණය ලබාගත හැකිවූ බව ද සිය අදහස් දක්වමින් මහින් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට