සත්‍යයේ පුවත් අඩහැරය….

යහපාලන ආණ්ඩුව ඉදිරියටම..? තීරණයක් ගන්න විශේෂ කමිටුවක්‌..

Podu Jana Peramunaවත්මන් යහපාලන ආණ්ඩුව ඉදිරියටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තීරණයකට එළඹීම සදහා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සහ එක්‌සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් පස්‌දෙනකු බැගින් සමන්විත විශේෂ කමිටුවක්‌ පත් කිරීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග පවසා සිටියි.ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අතර මේ සම්බන්ධයෙන් එකඟතාවයක්‌ ඇතිව තිබේ. මෙම විශේෂ කමිටුවට අදාළ නියෝජිතයන් පත් කිරීම අද (14) පැවැත්වෙන කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමෙන් පසුව සිදු කිරීමට ද නියමිතව ඇති බව වාර්තා වේ.

ඊයේ (13) කොළඹ ජනපති නිල නිවසේදී එක්‌සත් ජාතික පක්‍ෂයේ ඉහළ සාමාජිකයින් සහ ජනාධිපතිවරයා අතර පැවති විශේෂ සාකච්ජාවකින් පසුව මෙම තීරණයට එළඹ ඇත.

 

මැයි 2018
M T W T F S S
« අප්‍රේ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට