සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මැතිවරණ ප්‍රතිඵලයෙන් ලද ජනතා රතු එළිය ගැන සිතා ඉදිරියේදී කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා – පුරවැසි බලය සංවිධානය

Podu Jana Peramunaමෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයෙන් පිළිබිඹු වූයේ, වත්මන් යහපාලන ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ මතුවූ අප්‍රසාදය බව පුරවැසි බලය සංවිධානය අවධාරණය කර සිටියි. ඊයේ (13) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ පුරවැසි බලය සංවිධානයේ සම කැදවුම්කරු ගාමිණි වියන්ගොඩ මහතා විසිනි. සිය අදහස් දක්වමින් වියන්ගොඩ මහතා තවදුරටත් පවසා සිටියේ මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් කුමන අදහස් දැරුවද එහි වගකීම වත්මන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සම සමව දැරිය යුතු බවයි. එමෙන්ම මෙම මැතිවරණයේදී ජනතාව විසින් ආණ්ඩුවට රතු එළියක් දල්වා ඇති බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර කටයුතු කළයුතුව ඇති බව ආණ්ඩුවට අවධාරණය කර සිටින බව ද ගාමිණි වියන්ගොඩ මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී. මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ පුරවැසි බලය සංවිධානයේ සම කැදවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පවසා සිටියේ පසුගිය රජය සමයේ සිදුවූ වංචා, දූෂණ, ඝාතන සිදුවීම් වලට සම්බන්ධ පුද්ගලයින් පිළිබදව විමර්ශනය කර නිසි දඩුවම් පැමිණවීමට කටයුතු කරන බවට පොරොන්දු වෙමින් බලයට පැමිණිය ද එම කටයුතු නිසි පරිදි සිදුකිරීමට වත්මන් යහපාලන ආණ්ඩුවට නිසි පරිදි නොහැකිවීමෙන්, ජනතාව වත්මන් ආණ්ඩුව කොරෙහි යම් අප්‍රසාදයක් ඇතිකරගත් බව, මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනී යන බවයි. මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජනතාව විසින් ආණ්ඩුවට දල්වා ඇති රතු එළිය පිළිබදව අවධානය යොමු කර කටයුතු කළයුතුව ඇති බව ද සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී. මෙම මාධ්‍ය හමුව සදහා පුරවැසි බලය සංවිධානයේ සාමාජිකයින් වන ලූෂන් බුලත්සිංහල සහ කේ.ඩබ් ජනරංජන යන මහත්වරුන් ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට