සත්‍යයේ පුවත් අඩහැරය….

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaමෙරට මහත් ආන්දෝලනයකට ලක්වූ සන්ඩේ ලීඩර් ප්‍රධාන කතෘ, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ ප්‍රසන්න නානායක්කාර මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අදාළ ඝාතන සිදුවීම සම්බන්ධයෙන් වන කරුණු වසන් කිරීමේ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (13) රාත්‍රියේ නානයක්කාර මහතා අත්අඩංගුවට ගෙන ඇත.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සිදුවූ සමයේ ප්‍රසන්න නානායක්කාර මහතා ගල්කිස්ස ප්‍රදේශය භාරව, බස්නාහිර දකුණ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය‍ පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කර ඇති අතර ඒ මහතා අද (14) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට