සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට පලදී ඇත්තේ “සයිටම්” සිසුන්ට කළ අසාධාරණයේ දිට්ඨධ්ම්මවේදනීය කර්මයයි..

Podu Jana Peramunaකාලයක් පුරා පැවති මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබද අර්බුදය විසදීමට මෙතෙක් බලයට පත්වූ කිසිදු රජයක් උත්සහ නොකළ බව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංසදය අවධාරණය කර සිටියි. ඊයේ (13) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංසදයේ මාධ්‍ය සම්බන්ධීකාරක වසන්ත අල්විස් මහතා විසිනි.

මේ තත්ත්වය හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, ශිෂ්‍ය සංගම් සහ දෙමව්පිය සංගම් එක්ව මෙම ගැටළුකාරී තත්ත්වයට විසදුමක් ලබාගැනීම සදහා, “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සුදුසුකම් සහිත සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයටත්, අනෙකුත් සිසුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පිළිගනු ලබන විදේශීය අධ්‍යාපන අායතනයක අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබාදීමට එකගතාවයකට පැමිණි බවද වසන්ත අල්විස් මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

රණවිරු දඩයමේ නිරත වෙමින් නිදහස් අධ්‍යාපනය විකුණා දැමීමට කටයුතු කරන වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජනතාව නිසි පිළිතුරු සපයා ඇති බව ද වසන්ත අල්විස් මහතා වැඩිදුරටත් සිය අදහස් දක්වමින් අවධාරණය කරන ලදී.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වෙමින් “සයිටම්” විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය දෙමව්පිය සංසදයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සිය අදහස් දක්වමින් පවසා සිටියේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් හට කරන ලද අසාධාරණය හේතුවෙන් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට දිට්ඨධ්ම්මවේදනීය කර්මය ඵල දී ඇති බවයි. ඉදිරි සති දෙකක කාලය තුළ “සයිටම්” ගැටළුවට නිසි විසදුම් ලබාදීමට කටයුතු කළ යුතු බවත් එසේ නොකළහොත් ඊට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් අරඹා අතිවිශාල පිරිසක් විථි බැස්සවීමට කටයුතු කරන බව ද ගැමුණු විජේරත්න මහතා තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංසදයේ සාමාජික වෛද්‍ය අශෝක රන්වල මහතා ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට