සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බොදු බල සේනා සංවිධානය විනාශ කරන්න කිසිවෙකුට බෑ – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි

Podu Jana Peramunaමෙවර පළාත් පාලන මැතිවරණයෙන් ඉහළ ජයග්‍රහණයක් හිමිකරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළකළ සියළුදෙනාට තම සංවිධානය ස්තුතිවන්ත වන බවට සදහන් කරමින් අන්තර්ජාලයේ ප්‍රචාරය වන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. ඊයේ (15) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසිනි.

සිය අදහස් පළකරමින් උන්වහන්සේ පවසා සිටියේ මෙම අසත්‍ය ප්‍රවෘත්තිය ප්‍රචාරය වීමත් සමග කුලප්පු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පීරිස් මහතා, බොදු බල සේනා සංවිධානයට විවධ චෝදනා එල්ල කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කළ බවයි. තම සංවිධානය මෙරට මුස්ලිම් ජනතාවට හිරිහැර සිදුකළ බව ද එම මාධ්‍ය නිවේදනයෙහි සදහන් වන අතර අදාළ ගැටළුකාරී තත්ත්වයන් විසදීමට පැවති රජය කටයුතු කළේ නම් වර්තමානයේ මෙවැනි වාතාවරණයක් ඇති නොවන බවද ඥාණසාර හිමි වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කරන ලදී.

බොදු බල සේනා සංවිධානය විනාශ කිරීමේ දැඩි වුවමනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ සාමාජිකයින් පිරිසකට ඇති බවත් එසේ තම සංවිධානය විනාශ කිරීමට කිසිවෙකුට අවස්ථාවක් නොදෙන බව අවධාරණය කළ ඥාණසාර හිමි තවදුරටත් පවසා සිටියේ රටේ දේශපාලන පක්ෂවලට ගැතිකම් නොකර රට ඉදිරියට ගෙනයාම සදහා අනුශාසකවරුන් ලෙස කටයුතු කරන ලෙස මෙරට මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටින බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා බොදු බල සේනා සංවිධානයේ මාධ්‍ය සම්බන්ධීකාරක අචාර්ය දිලන්ත විතානගේ මහතා ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට