සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මැතිවරණයෙන් පෙන්නුම් කළේ වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ කෙරෙහි ජනතාව තුළ ඇති අකමැත්තයි – විද්වත් වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ

Podu Jana Peramunaජාතික ප්‍රතිපත්තියකින් තොරව වත්මන් ආණ්ඩුව අන්තර්ජාතික ගිවිසුම් සදහා එළඹෙන්නේ නම් ඊට දැඩි විරෝධය පළකරන බව විද්වත් වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ අවධාරණය කර සිටියි. විද්වත් වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණේ ලේකම් කපිල පෙරේරා මහතා මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ (15) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

සිය අදහස් දක්වමින් කපිල පෙරේරා මහතා වැඩිදුරටත් පවසා සිටියේ රටට අහිතකර අන්තර්ජාතික ගිවිසුම් වලට එළඹීමට පෙර, රටේ ජනතාව එවැනනක් සිදුකිරීම සදහා බලයක් ආණ්ඩුවට ලබාදුන්නේ දැයි අවධානය යොමු කළයුතු බවත් ඒ අනුව රටටත් ජනතාවටත් හිතකර ගිවිසුම් වලට පමණක් එළඹීමට කටයුතු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා එක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසා සිටියේ මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රථිඵලයෙන් පෙන්නුම් කරන ලද්දේ වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල පිළිබදව ජනතාව තුළ පවතින දැඩි අකමැත්ත බවයි. පළාත් පාලන මැතිවරණය ඇතුළු අනෙකුත් මැතිවරණ වලදී ජනතා ඡන්දයෙන් බලයට පැමිණි මහජන නියෝජිතයින් රටට හිතකර කටයුතු සදහා පමණක් සහය දීමට කටයුතු කළයුතු බව ද වෛද්‍ය සමන්ත ආනන්ද මහතා තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, දේශීය ආදායම් වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ භාණ්ඩාගාරික ගාමිණි විලේගොඩ, රේගු නිලධාරීන්ගේ සංගමයේ සාමාජික අමිල සංජීව සහ තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ සාමාජික අසංග වික්‍රමතුංග යන මහත්වරුන් ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට