සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මැතිවරණ ප්‍රතිඵලයට ගරු කරමින් වත්මන් ආණ්ඩුව බලයෙන් ඉල්ලා අස්විය යුතුයි – යුතුකම සංවාද කවය

Podu Jana Peramunaවිජාතිකයින්ගේ වුවමනාවන් අනුව, පැවති පාලනය බලයෙන් පහකිරීමට වත්මන් යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකාරීන් කටයුතු කළ අතර වත්මන් අාණ්ඩුවේ දුර්වලතා සම්බන්ධයෙන් රටතුළ විශාල මතයක් ඇතිකිරීමට තම සංවිධානය විශාල කාර්යයක් ඉටුකළ බව “යුතුකම සංවාද කවය” අවධාරණය කර සිටියි. ඊයේ (15) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව පවසා සිටින ලද්දේ “යුතුකම සංවාද කවය” සංවිධානයේ සභාපති ගෙවිදු කුමාරතුංග මහතා විසිනි.

සිය අදහස් දක්වමින් කුමාරතුංග මහතා තවදුරටත් පවසා සිටියේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වසර 02 ක් පුරාවට කල්යැවූ වත්මන් ආණ්ඩුව රටේ ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගැනීමට කටයුතු කළ අතර යහපාලන ආණ්ඩුව බලයට පැමිණ මෙතක් ගතවූ වසර 03 ක කාලය තුළ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමන් තුළ ඇති අකමැත්ත ජනතාව විසින් මෙවර පළාත් පාලන මැතිවරණයේදී පෙන්නුම් කළ බවයි. ආණ්ඩුව බලයට පත්ව ඉතා කෙටිකාලයකින් සිදුකරන ලද මහබැංකු බැදුම්කර වංචාව, මෙරට ආර්ථිකයට මරුපහරක් එල්ල කළ බවත් මෙවර මැතිවරණ ප්‍රතිඵලයට ගරු කරමින් වත්මන් ආණ්ඩුව බලයෙන් ඉල්ලා අස්විය යුතු බවද ගෙවිදු කුමාරතුංග මහතා වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට