කාන්තා නියෝජනය ඉවත් වෙයි…
පළාත් පාලන ආයතනවල සභා ස්ථාපිත කිරිමේ දී අනිවාර්ය කර තිබු 25% ක් වු කාන්තා නියෝජනය නොසළකා හැරීමට දේශපාලන පක්ෂ නායකයින් තීරණය කර ඇත. පළාත් පාලන ආයතන පිහිටුවීමේදී කාන්තා නියෝජනය යොදා ගැනීම ප්‍රායෝගික ගැටළු රැසක් මතුවන බැවින් කාන්තා නියෝජනය නොසළකා හැරීමට පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති දේශපාලන පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර ඇති එම රැස්වීම සදහා සියලූම පක්ෂ නායක නායකයින්, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, සාමාජිකයන් නීතිපති හා නිතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් සහභාගී වී ඇත.