පළාත් පාලන සභිකයෙකු පක්ෂය මාරුකළොත් ධූරය අහෝසියි..
මැතිවරණයෙන් පළාත් පාලන ආයතනයකට තේරි පත්වන ලද සභිකයෙකු යම් හෙයකින් තම පක්ෂය මාරු කළහොත් එම සභික ධූරය අහෝසි කිරීමේ හැකියාවක් පවතින බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය අවධාරණය කර සිටියි. යම් සභිකයෙකු එසේ තම පක්ෂය මාරුකළහොත් ඡන්ද විමසීමේ ආඥා පනත යටතේ එම සභික ධුරය අහෝසි වන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.