සත්‍යයේ පුවත් අඩහැරය….

සෘජු ආණ්ඩුවක් බිහිකරගැනීමට නොහැකි විධායක බලය කොස්කොටන්නද?, බොදු බල සේනා සංවිධානයෙන් පැනයක්..

Podu Jana Peramunaඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හැදින්වූ ශ්‍රී ලංකාව මේ වන විට ඉන්දියන් සාගරයේ කදුළු බිංදුව බවට පත්ව ඇති 70 වසරක් පුරා මෙරට පාලනයකළ දේශපාලඥයින් ඊට වගකිවයුතුව ඇති බවත් බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. පසුගිය දා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසිනි.

සිය අදහස් දක්වමින් උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ රටේ ජනතාව සිය කුසගින්න නිවා ගැනීම සදහා දැවැන්ත අරගලයක නිතරව සිටිය ද වත්මන් දේශපාලකයින් ඒ පීලිබදව කිසිදු සැලකිල්ලක් නොදක්වා සිය බලය වැඩිකරගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

සෘජු ආණ්ඩුවක් බිහිකරගැනීමට නොහැකි විධායක බලය කොස්කොටන්නදැයි ජනාධිපතිවරයාගෙන් විමසා සිටින බවත් සිවිල් සංවිධාන වල සහ බටහිර ගැත්තන්ගේ කසළ හිස තබාගෙන කටයුතු නොකර අවම වශයෙන් මහා සංඝරත්නයේ උපදෙස් හෝ පිළිපැද රට ගොඩනැගීමට කටයුතු කරන්නැයි පාලකයින්ගෙන් ඉල්ලා සිටින බවද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් තවදුරටත් පවසා සිටින ලදී. අද වනවිට මෙරට සංස්කෘතිය දැඩි පිරිහීමකට ලක්ව ඇති බැවින් නිසි කලට වැසි නොලැබෙන තත්ත්වයක් උද්ගතව ඇති බවත් රටට සෙත්පතා මේ වසරේ මැයි මස 19 වන දින අනුරාධපුර රුවන්වැලිමහාසෑය ඉදිරිපිටදී අධ්‍යාත්මික පිංකමක් පවත්වන බව ද පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි තවදුරටත් අවධාරණය කර සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා බොදු බල සේනා සංවිධානයේ මාධ්‍ය ප්‍රධානී ආචාර්ය දිලන්ත විතානගේ මහතා ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට