සත්‍යයේ පුවත් අඩහැරය….

බැසිල්ගේ යකඩ බට නඩුවට දින නියමවෙයි…

Podu Jana Peramunaපසුගිය ජනාධිපතිවරණ සමයේ සිදු කලා යැයි පැවසෙන දූෂණ වංචාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබු නඩුව ජූනි මස 4 දින විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (23) නියෝග කර ඇත. දිවි නැගුම සංවර්ධන දෙපාර්තුමේන්තුවේ රුපියල් මිලියන 36 කට අධික මුදලක් වැයකර යකඩ බට මිල දී ගෙන පළාත් පාලන ආයතන වෙත බෙදාහැරිම හේතුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවි නැගුම සංවර්ධන දෙපාර්තුමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් කිත්සිරි රණවක යන අයට එරෙහිව නඩුවක් ගොනු කර තිබු අතර අද දින එම නඩුව කැදවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා විසින් ජූනි මස 4 දින විභාගයට ගැනීමට කටයුතු කරන ලෙස නියෝග කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට