සත්‍යයේ පුවත් අඩහැරය….

රාජ්‍ය අමාත්‍ය ෆවුසි මහතාට එරෙහි නඩුව ජුනි 25 ට කල් යයි…

Podu Jana Peramunaරාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතාට එරෙහිව ගොනුකර තිබු නඩුව ජුනි 25 වනදා තෙක් කල් තැබිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානයක මහතා අද (23)  නියෝග කළේය. ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රාජකාරි නිවාඩු ලබා තිබිම හේතුවෙන් අතිරේක මහේස්ත්‍රාත්වරයා එම නඩුව කල් තැබිමට කටයුතු කර ඇත. ආපදා කලමනාකරණ අමාත්‍යාංශයට පරිත්‍යාග කරන ලද රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ලෑන්ඞ් කෲසර් ජීප් රථයක් අමාත්‍යවරයා විසින් 2010 සිට 2015 දක්වා කාලය තුළ පරිහරණය කිරීමෙන් අනතුරුව ඒ සදහා වන නඩත්තු මුදල් වශයෙන් රුපියල් දස ලක්ෂ හැත්තෑ තුන් දහසක මුදලක් වැය කිරීම තුලින් සිදුවූවා යැයි කියන දූෂණය හේතුවෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව චෝදනා කර සිටිනු ලබයි. නඩුවට අදාල පළමු සහ දෙවන සාක්ෂිකරුවන් අද දින අධිකරණයේ පෙනී සිටි අතර ඔවුන්ටද නැවත එම දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට