සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මීළග නායකත්වට සුදුසු ගොඨාභයයි, වෙනත් සුදුස්සෙක් නෑ – එළිය සංවිධානය

Podu Jana Peramunaපසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයෙන් පිළිබිඹු වන්නේ වත්මන් ආණ්ඩුවේ අත්තනෝමතික පාලනය, ජාතික සම්පත් විකුණා දැමීම, රණවිරුවන් දඩයම් කිරීම යනාදියට රටේ ජනතාව තුළ පවතින දැඩි අකමැත්ත බව “එළිය” සංවිධානය අවධාරණය කර සිටියි. ඊයේ (27) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා විසිනි.

වැඩිදුරටත් සිය අදහස් දක්වමින් වීරසේකර මහතා පවසා සිටියේ පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද පරාජය වූ බැවින් තවදුරටත් පාලන බලයේ රැදී සිටීමේ සදාචාරාත්මක අයිතියක් ආණ්ඩුවට නොමැති බවයි. රටට සැබෑලෙසින්ම අාදරය කරන්නේ නම් ජනාධිපතිවරයා විසින් කළයුතු වන්නේ වත්මන් ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් හට ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි උපදෙස් දීම බවත් එසේ කළවිට එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළද ඔවුන්ට පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් නොලැබෙන නිසා රටට අහිතරක නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොවනු ඇති බවත් සරත් වීරසේකර මහතා තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

මේ වන විට නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය තමන් යටතට පවරා ගෙන ඇති වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට සිටිය යුත්තේ අත්අඩංගුවට පත්ව හෝ රක්ෂිත බන්ධනාගාරවගතව බවත් රටේ ඉදිරි නායකත්වයට සුදුසු එකම පුද්ගලයා වන්නේ හිටපු ආරක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් වීරසේකර මහතා වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී. මෙම මාධ්‍ය හමුව සදහා විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ද සහභාගි වූ අතර එහිදී ඒ මහතා පවසා සිටියේ උතුරු ප්‍රදේශයේ සංහිදියාව ඇතිකිරීමට ආණ්ඩුව දැඩි උත්සහයක නිරතව සිටින නමුත් මුළු දිවයිනේම සංහිදායාව ඇති කිරීමේදී රටේ සියළු පාර්ශව සතුටු කිරීමට ආණ්ඩුව කටයුතු කළයුතුව ඇති බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට