සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කැබිනට් සංශෝධනය ප්‍රහසනයක්, රටට විහිළු සපයන්න එපා – ඒකාබද්ධ විපක්ෂය

Podu Jana Peramunaපළාත් පාලන මැතිවරණය පවත්වා මේ වන විට මාසයකට අධික කාලයක් ගතව ඇතත් මේ වනතෙක් පළාත් පාලන ආයතන පිහිටුවීමට නොහැකිවීම බරපතල දේශපාලන ඛේදවාචකයක් මෙන්ම ජනතා පරමාධිපත්‍යට සිදුකරන ලද දැවැන්ත ද්‍රෝහිවීමක් බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර සිටියි. ඊයේ (27) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසිනි.

සිය අදහස් දක්වමින් ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙවැනි තත්ත්වයක් උද්ගතවීමට හේතුව, මැතිවරණ කොමිෂන් සභාවේ වරදක් නොව ආණ්ඩුව කඩිනමින් පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත සම්මත කිරීම බවයි. ප්‍රහසනයක් පමණක් ලෙස හැදින්විය හැකි යහපාලන ආණ්ඩුව විසින් පසුගියදා සිදුකරන ලද කැබිනට් සංශෝධනය තුළින් ආණ්ඩුවේ දේශපාලන ළදරු භාවය සහ දිළිදුකම මනාව ඔප්පූ වූ බව ද ඒ මහතා තවදුරටත් පවසා සිටින ලදී.

පරාජයන් රැසකට හිමිකම් කිව්වද තවමත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන වත්මන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමකළ හැක්කේ එළිසෙබත් මහ රැජිනියට පමණක් බවත් මේ තත්ත්වය යටතේ එක්සත් ජාතික පාක්ෂිකයින් නව නායකත්වයක් ඉල්ලා සිටින බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා තම අදහස් දක්වමින් තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රමේෂ් පතිරණ සහ සී.බී රත්නායක යන මහත්වරුන්ද සහභාගි විය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට