සත්‍යයේ පුවත් අඩහැරය….

බහලූම් ප‍්‍රවාහන පරීක්‍ෂණ කටයුතු පිටස්තර ආයතනවලට ලබාදීම නිසා සේවකයින් දැඩී පීඩාවට ලක්වෙලා – සමස්ත ලංකා බහාළුම් ප්‍රවාහන සේවක සංගමය

Podu Jana Peramunaකොළඹ වරායේ අපනයන බහාළුම් පරීක්ෂා කිරීම වරායෙන් පිටත පුද්ගලික ආයතනයක් විසින් සිදුකිරීම තුළින් එම ප්‍රවාහන සේවකයින් දැඩි පීඩාවකට පත්ව සිටින බව බහාළුම් ප්‍රවාහන සහ රිය සහායකයින්ගේ වෘත්තීය අයිතීන් දිනාගැනීමේ සංසදය අවධාරණය කර සිටියි. අද (05) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ සමස්ත ලංකා බහාළුම් ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් බී.අයි ආබ්දීන් මහතා විසිනි.

සිය අදහස් පළකරමින් ආබ්දීන් මහතා වැඩිදුරටත් පවසා සිටියේ ඇතැම් අවස්ථාවල බහාළුම් මුදාගැනීම සදහා පැය 12 සිට දින 02 ක් දක්වා කාලය ගතවන බවයි. මෙම තත්ත්වය හමුවේ එම බහාළුම් ප්‍රවාහන සේවකයින් දැඩි පීඩාවකට පත්ව ඇති අතර ඔවුන්ට නිකරුණේ කාලය ගතකිරීමට සිදුව ඇති බවත් ඔවුන්ගේ සනීපාරක්ෂක පහසුකම් සම්බන්ධයෙන්ද දැඩි ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇති බවයි.

එමෙන්ම දිනකට 1500 කට අධික බහළුම් ප්‍රමාණයක් වරායෙන් පිටතට මෙම පරීක්ෂා කිරීම සදහා ධාවනය කිරීම තුළින් කොළඹ නගරය තුළ දැඩි රථවාහන තදබදයක් ඇතිවී ඇති අතර ඒ තුළින් අතිවිශාල ලෙස ඉන්ධන අපතේ යාමක්ද සිදුවන බවද ආබ්දීන් මහතා තවදුරටත් පවසා සිටින ලදී. වරාය පරිශ්‍රය තුළ මෙම පරීක්ෂා කිරීමේ රාජකාරී සිදුකිරීම සදහා ප්‍රමාණවත් ඉඩ පවතින අතර යුද්ධය පැවති සමයේ ආරක්ෂාව වෙනුවෙන් සිදුකරන ලද මෙම ක්‍රියාව මේ වන විට රටතුළ උද්ගතව ඇති වාතාවරණය හමුවේ පවත්වගෙන යාමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද සිය අදහස් දක්වමින් ආබ්දීන් මහතා තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සභාපති කේ.ඒ ජයවර්ධන සහ බහාළුම් ප්‍රවාහන සහ රිය සහායකයින්ගේ වෘත්තීය අයිතීන් දිනාගැනීමේ සංසදයේ සභාපති ඩබ්. සමන්කීර්ති යන මහත්වරුන් ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට