සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අතුරුදහන්වූ වූවන් පිළිබද සෙයා බැලීමේ පනත ක්‍රියාත්මක කිරීම ගැන ආණ්ඩුවට ප්‍රසාදය පළකරනවා – “අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව”

Podu Jana Peramunaප්‍රමාද වී හෝ අතුරුදහන්වූ වූවන් පිළිබද සෙයා බැලීමේ පනත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වත්මන් යහපාලන ආණ්ඩුවට ප්‍රසාදය පළකරන බව “අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව” සංවිධානය අවධාරණය කර සිටියි. ඊයේ (06) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී “අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව” සිංවිධානයේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

සිය අදහස් දක්වමින් බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා තවදුරටත් පවසා සිටියේ අතුරුදහන්වූ වූවන් පිළිබද සෙයා බැලීමේ පනත ක්‍රියාත්මක කිරීම තුළින් වත්මන් ආණ්ඩුව මෙරට රණවිරුවන් පාවා දීමට කටයුතු කරන බවට ඇතැම් පිරිස් විසින් චෝදනා එල්ල කරන බවත් රාජ්‍ය නොවන සංවිධාන වල අවශ්‍යතාවයන්ට අනුව කටයුතු කරන බව සදහන් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස, වත්මන් යහපාලන ආණ්ඩුව විවේචනය කරමින් අවලාද කිරීම සම්බන්ධයෙන් තම විරෝධය පළකරන බවයි.

මෙරට කිසිදු නායකයෙකු මේ වන විට අතුරුදහන්වූ දමිළ තරුණයින් පිළිබදව අදහස් පළනොකරන අතර යුද සමයේ සිදුවූ අතුරුදහන්වීම් සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ සංවිධානයත් ඊට පෙර සමයේදී සිදුවූ අතුරුදහන්වීම් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ද වගකිවයුතු බව බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා මෙහිදී සිය අදහස් දක්වමින් තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව” සංවිධානයේ සාමාජිකයින් වන පාක්‍යෙසා්ති සරවණමුත්තු, නලින්ද සුරේෂ් සහ රාජා උස්වැටකෙයියාව යන මහත්වරුන්ද සහභාගි විය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට