අතුරුදන් වූවන් පිළිබදව සොයාබැලීමේ කාර්යාලයේ කොමසාරිස්වරුන් ලෙස එල්.ටී.ටී.ඊ හිතවාදීන් පත්කරලා – දේශප්‍රේමි වෘත්තිකයින්ගේ සංසදය
ජිනිවා මානව හිමිකම් කොමිසම වෙත මෙරට සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවට මෙරට රජය වෙනුවෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සම අනුග්‍රහය දැක්වීම තුළින් මෙරට තුළ මානව හිමිකම් කඩවූ බව පිළිගැනීමකට ලක්වූ බව දේශප්‍රේමි වෘත්තිකයින්ගේ සංසදය අවධාරණය කර සිටියි. ඊයේ (06) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා විසිනි.
සිය අදහස් දක්වමින් සරත් වීරසේකර මහතා තවදුරටත් පවසා සිටියේ මෙරට සිදුවූ බව පැවසෙන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා විශේෂ අධිකරණයක් පිහිටුවිය විය යුතු බවට ජිනීවා මානව හිමිකම් කොමිසම මගින් නිර්දේශ කර ඇති අතර මෙරට තුළ නීතිමය රාමුවක් පවතිද්දී එවැනි විශේෂ අධිකරණය පිහිටුවීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි. අතුරුදන් වූවන් පිළිබදව සොයාබැලීමේ කාර්යාලයේ කොමසාරිස්වරුන් ලෙස එල්.ටී.ටී.ඊ හිතවාදීන් පත්කිරීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කර ඇති බවද සරත් වීරසේකර මහතා වැඩිදුරටත් කරුණු අවධාරණය කර සිටින ලදී.
ජිනීවා මානව හිමිකම් කොමිසම මගින් නිර්දේශ කර ඇති නිර්ණායකයන් එකින් එක ඉතාමත් නිවට සහ නියාළු ආකාරයට ඉෂ්ඨ කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ද වීරසේකර මහතා මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී.
මෙම මාධ්‍ය හමුව සදහා දේශප්‍රේමි වෘත්තිකයින්ගේ සංසදයේ ක්‍රියාකාරී සාමාජිකයින් වන අනුරාධා යහම්පත්, නාලක ගොඩහේවා සහ උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර මොහාන් විජේවික්‍රම යන මහත්ම මහත්මීන්ද සහභාගි විය.