සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පැවති ආණ්ඩුව දියත් කළ ක්‍රියාවලියෙහිම වත්මන් ආණ්ඩුවත් යෙදී සිටිනවා – පරිසර සහ සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානය

Podu Jana Peramunaරතුපස්වල පානීය ජල ගැටළුව සම්බන්ධයෙන් පැවති විරෝධතාවයක් අතරතුර සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය වීමේ සිදුවීමේ පරීක්ෂණ වාර්තා නිකුත් වුවද මේ දක්වා එම සිදුවීමට වගකිවයුතු කිසිවෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර නොමැති බව පරිසර සහ සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසා සිටියි.ඊයේ (06) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ පරිසර සහ සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානයේ කැදවුම්කරු රවීන්ද්‍ර කාරියවසම් මහතා විසිනි.

සිය අදහස් පළකරමින් රවීන්ද්‍ර කාරියවසම් මහතා වැඩිදුරටත් පවසා සිටියේ රතුපස්වල පානීය ජල ගැටළුවට විසදුම් ලබාදෙන බවට පෙරොන්දු වෙමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව එම පෙරොන්දුවෙන් බැහැරව කටයුතු කරමින් සිටින අතර රාජාංගණය වැව චීන සමාගමකට පැවරීමේ තීරණය, දැවැන්ත ගැටුමක් දක්වා පැමිණි බවයි.

මෙම මාධ්‍ය සාකච්ඡාව සදහා සහභාගි වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසා සිටියේ පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් සිදුකරන ලද වංචා, දූෂණ ඇතුළු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා නතර කරන බවට පොරොන්දු වෙමින් බලයට පැමිණි වත්මන් යහපාලන ආණ්ඩුව මේ වන විට යෙදී සිටින්නේද පැවති ආණ්ඩුව සිදුකරන ලද ක්‍රියාවලියෙහිම බවයි.

දිගන, තෙල්දෙණිය ප්‍රදේශ තුළ ඇතිවී ඇති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් කඩසාප්පු රැසක් ගිනි ගැනීමකට ලක්වූ අතර පොලිසිය සහ පොලිස් විශේෂ කාර්යය බලකාය මුස්ලිම් ජනතාවට අවශ්‍ය ආරක්ෂාව ලබානොදී ප්‍රේක්ෂකයින් මෙන් කටයුතු කළ බව ද ජෝසෆ් ස්ටාලින් මහතා සිය අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා රිසර සහ සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සාමාජික පූජ්‍ය වෑකදවල රාහුල හිමි සහ සියනෑ පරිසර සුරැකීමේ සංවිධානයේ සාමාජිකයින් වන ප්‍රසන්න පෙරේරා සහ සුරේෂ් පෙරේරා යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට