සත්‍යයේ පුවත් අඩහැරය….

රටේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයට පාලකයින් වගකිව යුතුයි – පුරවැසි බලය සංවිධානය

Podu Jana Peramunaඉතා සුළු සිද්ධියක් මූලික කරගනිමින් මුස්ලිම් සහ සිංහල ජනතාව අතර විශාල ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීම සම්බන්ධයෙන් මෙරට පාලකයින් වගකිවයුතු බව පුරවැසි බලය සංවිධානය අවධාරණය කර සිටියි. ඊයේ (07) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ පුරවැසි බලය සංවිධානයේ සම කැදවුම්කරු ගාමිණි වියන්ගොඩ මහතා විසිනි.

සිය අදහස් දක්වමින් වියන්ගොඩ මහතා තවදුරටත් පවසා සිටියේ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුව ද දෝෂාරෝපණයට ලක්වන බවයි.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ පුරවැසි බලය සංවිධානයේ සම කැදවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පවසා සිටියේ සැත්කමකින් තොරව වඳ පෙති පමණක් භාවිතා කර ලොව කිසිදු පුද්ගලයෙකු වඳභාවයට පත්කළ නොහැකි බව සෞඛ්‍ය ක්‍ෂේත්‍රය විසින් ඔප්පු කර ඇති තත්ත්වයක් තුළ වඳ පෙති සම්බන්ධයෙන් යම් ප්‍රචාරයන් රටතුළ පැතිරීයාම සැලසුම් සහගත තත්ත්වයක් දැයි සැක මතුවන බවයි. ඇදිරි නීතිය සහ හදිසි නීතිය ක්‍රියාත්මක වුවද වැරදි සම්බන්ධයෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකර රට තුළ උද්ගතව ඇති මෙම ගැටුම්කාරී තත්ත්වයන් වළක්වාගත නොහැකි බව ද සමන් රත්නප්‍රිය මහතා සිය අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා සිටින ලදී. වත්මන් ආණ්ඩුව නිසිදු දිනෙක ජාතිවාදය පෝෂණය නොකළ බැවින් මේ වන විට ඇවිළි ඇත්තේ පසුගිය ආණ්ඩුව විසින් දල්වන ලද ගිනිදැල් බව ද සමන් රත්නප්‍රිය මහතා තවදුරටත් කරුණු දක්වමින් අවධාරණය කර සිටින ලදී.

තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාවන්ගෙන් බේරීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස විසින් වත්මන් ආණ්ඩුව දුර්වල කිරීමට කටයුතු කරමින් සිටින බව මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ පුජ්‍ය දඹර අමිල හිමියන් පවසා සිටින ලදී. වත්මන් ජනාධිපතිවරයා සෘජුව කටයුතු නොකිරීම නිසා රට අරාජික වෙමින් පවතින බවත් ලොව කිසිදු රටක ජනාධිපතිවරයෙක් මෙවැනි තත්ත්වයකට පත්ව නොමැති බවද පුජ්‍ය දඹර අමිල හිමියන් වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා පුරවැසි බලය සංවිධානයේ සාමාජිකයින් වන චමීර පෙරේරා, චන්ද්‍රගුප්ත තේනුවර සහ මාර්ක් යූසුෆ් යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට