සත්‍යයේ පුවත් අඩහැරය….

වයඹ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සහ හෙට ලෙඩ නිවාඩු..

Podu Jana Peramunaබලධාරීන් සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුව ද සිය වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් නිසි විසදුම් නොලැබීමට විරෝධය පළකරමින් වයඹ පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කර අැති බව වාර්තා වේ. ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන් 60 දෙනෙකු සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 115 දෙනෙකු අද (08) සහ හෙට (09) යන දිනයන් තුළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගෙය් නිරතවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනාවරණය කර සිටියි.

ස්ථාන මාරුවීම් ලබාදීමේදී අත්තනෝමතිකව කටයුතු කරන වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගේ ක්‍රියාපිළිවෙත, සේවා හැදුනුම්පත් නොලැබීම, වසර 06 ක් තිස්සේ ගමන් මළු ලබා නොදීම අැතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙම වෘත්තීය අරගලය දියත් කර අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට