එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන ප්‍රධානී අද දිවයිනට …
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ ප්‍රධානී ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා අද (09) දිවයිනට පැමිණීමට නියමිතව ඇත. තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන අතර මහනුවර ප්‍රදේශයේ ද සංචාරය කර ඒ ප්‍රෙද්ශයේ ඇතිවී තිබෙන ගැටලුව පිළිබදව සොයා බැලීමටද, ආගමික නායකයින් සමඟ සාකච්ඡා පැවැත්වීමටද සැලසුම් කර ඇති බව වාර්තාවේ.ඒ මහතා ලබන 11 දින දක්වා මෙරට රැඳී සිටීමට නියමිතව ඇති අතර එහිදී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ රාජ්‍ය නියෝජිතයින් මෙන්ම දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින්ද හමුවී සාකච්ඡා පැවැත්වීමට තීරණය කර ඇත.