වයඹ පළාත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වර්ජනය අදත්..
වයඹ පළාත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඊයේ (08) සිට දියත් කරන ලද සංඛේත වැඩ වර්ජනය අද (09) ද ක්‍රියාත්මක වේ. ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කර ඇති අතර සිය ඉල්ලීම් සම්බන්ධයෙන් නිසි විසදුම් ලබා දීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් අඛණ්ඩ වර්ජනයක් කරා යොමු වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංඟමය අනතුරු අගවා සිටියි.
වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපයට විරෝධය පළ කිරීම ඇතුළු තවත් වෘත්තීය ඉල්ලිම් කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ඉල්ලා යඹ පළාත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම වර්ජනය දියත් කර ඇත.