සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වත්මන් ආණ්ඩුව තරම් කෙටි කාලයකදී මෙතරම් ජනතා අප්‍රසාදයට ලක්වූ වෙනත් ආණ්ඩුවක් තිබුනේ නෑ – පැවිදි හඩ සංවිධානය

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුව බලයට පත්වූ දා සිට රට අරාජික සහ අස්ථාවර වෙමින් පවතින බව පැවිදි හඩ සංවිධානය අවධාරණය කර සිටියි. ඊයේ (09) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ පැවිදි හඩ සංවිධානයේ කැදවුම්කරු පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසිනි.

වැඩිදුරටත් සිය අදහස් දක්වමින් උන්වහන්සේ පවසා සිටියේ රට තුළ වෙනසක් සිදුකරන බවට පොරොන්දු වෙමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව විසින් කරන ලද රටට අහිතරක එම වෙනස, වෙනස් කිරීමට මේ වන විට කාලය පැමිණ ඇති බවයි. සංහිදියාව යනු කුමක්දැයි නිසි පරිදි තේරුම් ගෙන රට හරිආකාරව පාලනය කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවෙන් ඉල්ලා සිටින අතර සංහිදියාව පිළිබද ආණ්ඩුවේ බලධාරීන්ට පසක් කරවීම සදහා ලබන 26 වනදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සග සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ පැවිදි හඩ සංවිධානයේ සාමාජික පූජ්‍ය ගොම්බද්දල දමිත හිමි අවධාරණය කර සිටියේ පසුගියදා මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව පසුගියදා ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් මෙරට සමස්ත බෞද්ධ ජනතාව, මුස්ලිම් ජනතාවගෙන් සමාව ගත යුතු බවට අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කරන ලද ප්‍රකාශය පිලිබදව කණගාටු වන බවයි. ඉතා සුළු පිරිසක් විසින් සිදුකරන ලද්දක් සම්බන්ධයෙන් සමස්ත ජනතාවක්ම සමාව ගතයුතුදැයි අමාත්‍යවරයාගෙන් විමසා සිටින බවත් මෙවැනි ගැටැළුකාරී තත්ත්වයන් තුළදී ඉතා ඉවසිලිවන්තව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද පූජ්‍ය ගොම්බද්දල දමිත හිමි තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා පැවිදි හඩ සංවිධානයේ සාමාජිකයින් වන පූජ්‍ය ගලගම ධම්මරංසි සහ පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස යන හිමිවරුන් ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට