සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මහනුවර සිද්ධියට වගකිවයුත්තේ ආණ්ඩුවයි, නමුත් දඩුවම් විදින්නේ ජනතාවයි – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaඅන්තර්ජාල පහසුකම් අවහිර කරන්නේ නම්, එම පහසුකම් ලබාගැනීම සදහා අතිවිශාල බදු මුදලක් ගෙවනු ලබන මෙරට පාරිභෝගික ජනතාවට එම බදු මුදල නැවත ගෙවීමට බලධාරීන් විසින් කටයුතු කළයුතුව ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. ඊයේ (13) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

සිය අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ පසුගිය දින කිහිපය තුළ මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව මෙන්ම දිවයින පුරා ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හමුවේ සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවි තහනම් කිරීමට ආණ්ඩුවේ බලධාරීන් කටයුතු කරන ලද නමුත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් වගකිවයුත්තේ ආණ්ඩුව බවයි.

ජාතීන් අතර මෙවැනි ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවනු ඇති බවට පොලිසිය සහ මෙරට බුද්ධි අංශ විසින් කරුණු අනාවරණය කරගතයුතුව ඇති නමුත් එවැන්නක් සිදුනොවු අතර එසේ නිසි ලෙස වගකිවයුතු අංශ විසින් කරුණු අනාවරණය කරගෙන තිබුනේනම් සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවි තහනම් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් පැනනොනගින බවත් රජය විසින් ගන්නා ලද මෙම වෙබි අඩවි තහනම් කිරීමේ තීරණය හමුවේ රටේ අතිවිශාල පිරිසක් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ද රංජිත් විතානගේ මහතා මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ නීති උපදේශක නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා ද සහභාගි වෙමින් සිය අදහස් දක්වන ලදී.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට