සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බලධාරීන්ගේ අත්තනෝමතික කි‍්‍රයාකලාපය හමුවේ පිරිවෙන් ක්‍ෂේත‍්‍රයම දැවැන්ත කඩා වැටීමකට ලක් වෙලා – “පිරිවෙණ” සුරැකීමේ සංවිධානය

Podu Jana Peramunaවත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා, අමාත්‍යංශ ලේකම්වරයා මෙන්ම පිරිවෙන් අධ්‍යක්‍ෂවරයා ඇතුළු සෙසු බලධාරීන්ගේ අත්තනෝමතික කි‍්‍රයාකලාපය හමුවේ පිරිවෙන් ක්‍ෂේත‍්‍රයම දැවැන්ත කඩා වැටීමකට ලක්ව ඇති බව “පිරිවෙණ” සුරැකීමේ සංවිධානය අවධාරණය කර සිටියි. එම සංවිධානයේ සම කැදවුම්කරු පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් හිමියන් විසින් මෙම අදහස් පළකරන ලද්දේ අද (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

සිය අදහස් දක්වමින් උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටින ලද්දේ අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් ඒකකය මේ වන විට අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇති බවයි.

පිරිවෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් කිසිදු දැනුවත්භාවයක් නොමැති අයෙකු අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇති අතර ඉතාම ගෞරවාන්විත අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයම මේ වන විට දැවැන්ත පසුබෑමකට ලක්ව ඇති බවත් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි තවදුරටත් අවධාරණය කර සිටින ලදී. මේ වන විට පිරිවෙන් අධ්‍යාපනය ආශ්‍රිතව පරිපාලන, ප‍්‍රතිපාදන වෙන්කිරීම, පෙළ පොත්, අතිරේක ගුරුවරුන් බඳවා ගැනීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයන් මතුව ඇති බවද උන්වහන්සේ තවදුරටත් සිය කරුණු අවධාරණය කරමින් පවසා සිටින ලදී.

කෙසේ වෙතත් සිය ගැටළු විසදීමට මෙතෙක් කිසිදු බලධාරියෙකු අවදානය යොමු නොකිරීම නිසා ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමය හා සමස්ත ලංකා කෘත්‍යාධිකාරී පරිවේණාධිපති සංගමය යන සංගම් එක්ව නව සංවිධානයක් ලෙස “පිරිවෙණ” සුරැකීමේ සංවිධානය පිහිටුවා ගත්බවත් සිය ගැටළු සම්බන්ධයෙන් වහාම විසදුම් ලබාදීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී දැවැන්ත වෘත්තීය අරගලයන් රැසක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් පූජ්‍ය උදිත හිමියන් මෙහිදී අනතුරු අගවා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා පිරිවෙණ සුරැකීමේ සංවිධානයේ සම කැඳවුම්කරු පූජ්‍ය කෝම්පිිටියේ සූසීල, සාමාජිකයින් වන පූජ්‍ය හබරකඩ සෝරත, පූජ්‍ය මීගහපඳුරේ සීලානන්ද, පූජ්‍ය කන්දේගම සුමනසාර සහ පූජ්‍ය වරාපිටියේ රතනසාර යන හිමිවරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට