සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පුත්තලම රෝහල් අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපය හමුවේ හෙද නිලධාරීන් දැඩි පීඩාවකට පත්වෙලා – සමස්ත ලංකා හෙද සංගමය

Podu Jana Peramunaදිගු කලක පටන් ස්ථාන මාරු අපේක්ෂාවෙන් සිටින පුත්තලම රෝහලේ හෙද නිලධාරින් පිරිසකට 2017 වර්ෂයේදී ලබාදී ඇති ස්ථාන මාරු නියෝග දිස්ති‍්‍රක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමිය විසින් නිර්දේශ කර ඇතිමුත් එම ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීම පුත්තලම රෝහලේ අධ්‍යක්ෂවරයා කිසිදු සාධාරණ හේතුවකින් තොරව ප‍්‍රමාද කරමින් සිටින බව සමස්ත ලංකා හෙද සංගමය චෝදනා කර සිටියි. සමස්ත ලංකා හෙද සංගමය, දිස්ති‍්‍රක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමිය වෙත ලිපියක් යොමුකරමින් මෙම අර්බුදය පිළිබදව දැනුවත් කිරීමට කටයුතු කර තිබේ.

සංගමයේ වැඩබලන සභාපති එස්.බී මැදිවත්ත මහතාගේ අත්සනින් යුතු මෙම ලිපියෙහි වැඩිදුරටත් සදහන් වන්නේ පුත්තලම රෝහලේ අධ්‍යක්ෂවරයාගේ මෙම ක්‍රියාවලිය හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ ස්ථාන මාරුවීම් අපේක්ෂාවෙන් සිටින එම ස්ථාන මාරු නියෝග ලැබු හෙද නිලධාරින් මෙන්ම රෝහලේ අනෙකුත් හෙදියන් දැඩි පීඩාවකට මෙන්ම මෙම තත්ත්වය ඔවුන්ගේ දැඩි විරෝධයට ද හේතු වි ඇති බවයි. එසේ හෙයින් මෙම තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් ඊට විරෝධය පළකිරීම සදහා ඉදිරියේදී දැඩි වෘත්තිය කි‍්‍රයාමාර්ගයන්ට එළඹෙන බවත් ද ගැනීමට තිරණය කර ඇති බැවින් මෙම සංවේදි ගැටළුව විසඳීමට මැදිහත් වන ලෙස ඉල්ලා සිටින බවද මෙම ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

කෙසේ වෙතත් මෙම ගැටළුකාරී තත්ත්වයට නිසි විසදුමක් ලබාදීමට කටයුතු නොකළහොත් වෛද්‍ය අධිකාරිවරයාගේ තීිරණයට එරෙහිව වෘත්තිය කි‍්‍රයා මාර්ග ගැනීමට අකමැත්තෙන් වුව ද කටයුතු කරන බවද මෙම ලිපිය මගින් තවදුරටත් අවධාරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට