නීති විරෝධී විදේශීය මත්පැන් සමග ඉන්දීයානුවෙකු අත්අඩංගුවට…
නීති විරෝධී ලෙස විදේශීය මත්පැන් බෝතල් තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී ගෙන ඇති බව වාර්තා වේ.ගුවන්තොටුපල පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර තීරු බදු රහිතව රැගෙන ආ මත්පැන් බෝතල් 09ක් මොහු ලග තිබී සොයාගෙන ඇති බවත් මොහු 49 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු බවද පොලීසිය සඳහන් ඇත.සැකකරු අද (17) දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.