සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“සයිටම්” අහෝසි යැයි කියන ආණ්ඩුව මුළු රටම රැවටීමකට ලක්කරලා – සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය

Podu Jana Peramunaමාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන බවට ව්‍යාජ ප්‍රකාශ නිකුත් කරමින් රටේ ජනතාව රැවටීමකට ලක්කර ඇති වත්මන් ආණ්ඩුව, එම වෛද්‍ය විද්‍යාලය අහෝසි නොකර එය ආරක්ෂා කරමින් ඉදිරියටත් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බව සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය චෝදනා කර සිටියි.ඊයේ (19) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

සිය අදහස් දක්වමින් රයන් ජයලත් මහතා පවසා සිටියේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධ කර “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට වෛද්‍ය උපාධියක් ලබාදීමේ යෝජනාවක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව විකුණා දැමීමේ අරමුණ ඇතිව වත්මන් ආණ්ඩුව විසින් ගෙනයනු ලබන මෙවැනි ක්‍රියාකාරකම් වලට මෙරට ජනතාව ඉදිරි මැතිවරණ වලදී නිසි ප්‍රතිචාර දක්වනු ඇති බවද රයන් ජයලත් මහතා වැඩිදුටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර මහතා පවසා සිටියේ ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ ගැටළුවට මෙතෙක් නිසි විසදුමක් ලබාදීමට නොහැකි වී ඇති අතර පාසැල් වලට කළමණාකරුවන් පත්කර මෙරට පාසැල් අධ්‍යාපනයද විනාශ කිරීමේ උත්සහයක ආණ්ඩුව නිරතව සිටින බවයි.

මෙම අවස්ථාව සදහා එක්සත් කම්කරු සමිති සම්මේලනයේ සභාපති ලීනස් ජයකිලක මහතා ද සහභාගි වෙමින් සිය අදහස් දක්වා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට