එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩල රැස්වීම හෙට සිරිකොතදී..
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩල රැස්වීම හෙට (29) පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුකිරීමට නියමිතව ඇති අතර රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්දයෙන් සාකච්ඡා කිරීම සදහා ද විශේෂ රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතව ඇති බව ද වාර්තා වේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාව සදහා එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සියළු දේශපාලන පක්ෂ නායකයින් සහභාගි වනු ඇත.