පුද්ගලික විදුලි බලාගාර තුනකින් විදුලිය මිලදී ගන්න මණ්ඩලය තීරණය කරයි..
පුද්ගලික විදුලි බලාගාර තුනකින් විදුලිය මිලදී ගැනිමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසා සිටියි. මේ වන විට දිවයිනපුරා ඇතිවී තිබෙන වියළි කාලගුණ තත්ත්වය හමුවේ ඉදිරියේදී යම් අයුරකින් විදුලි අර්බුදයක් ඇතිවුවහොත් ඊට පිළියමක් ලෙස මෙම තීරණයට එළඹි බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.