සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පැවති ආණ්ඩුව වගේම නව ආණ්ඩුවත් වංචා දූෂණ සිදුකරමින් සිටිනවා – “දූෂණ විරෝධී හඩ” සංවිධානය

Podu Jana Peramunaහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී මෙන්ම වත්මන් ආණ්ඩුවද එක හා සමානව දූෂණ වංචාවන් සිදුකරමින් සිටින බව දූෂණ විරෝධී හඩ සංවිධානය චෝදනා කර සිටියි. අද (02) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. සිය අදහස් දක්වමින් ඒ මහතා තවදුටරත් පවසා සිටියේ ලංකා විදුලි බල මණ්ඩලයට අයත්, රාජ්‍ය අංශයට බහුතර කොටස් ප්‍රමාණයක් අයත්ව තිබූ “ලංකා ට්‍රාන්ස්ෆෝර්මර්” සමාගම, එම කොටස් ප්‍රමාණය අවම කර වෙනත් පුද්ගලික සමාගමක් වෙත පැවරීමට බලධාරින් කටයුතු කරමින් සිටින බවයි.

මෙම ගනුදෙනුව හරහා අතිවිශාල මුදල් ප්‍රමාණයක් ලංකා විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ගිණුම් වලට අදාළ සමාගම මගින් බැරකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් මෙවැනි අයථා ගනුදෙනුවක් සිදුකිරීම සදහා අනුමැතිය ලබාදුන්නේ කවුරුන් විසින්දැයි විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගෙන් විමසා සිටින බවත් වසන්ත සමරසිංහ මහතා තවදුරටත් පවසා සිටින ලදී.

ඒ මහතා සිය අදහස් දක්වමින් තවදුරටත් අනාවරණය කර සිටියේ මෙවැනි වංචා සහගත දූෂිත ගනුදෙනු සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණයට කරුණු දැක්වීමට බලාපොරොත්තු වන අතර අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාස භංගයට සහය පළකිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇති බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට