සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලීකරණය කිරීමට උත්සහ කළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙනවා – දුම්රිය වෘත්තීය සමිති සන්ධානය

Podu Jana Peramunaදුම්රිය දෙපාර්තමේන්තුව විවිධ ආකෘති ඔස්සේ පුද්ගලීකරණය, සමාගම්කරණය මෙන්ම අධිකාරීකරණය කිරීමට කරන ලද උත්සහයන්, වෘත්තීය සමිති මගින් සිදුකරන ලද බලපෑම් හමුවේ අඩපණ වී ගිය නමුත් යළිත් සිදුකිරීමට බලධාරීන් උත්සහ කරමින් සිටින බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කර සිටියි. අද (02) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සම කැදවුම්කරු එස්.බී විතානගේ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

සිය අදහස් දක්වමින් එස්.බී විතානගේ මහතා වැඩිදුරටත් පවසා සිටියේ දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලීකරණය කිරීමට ගෙන ඇති තීරණය වහාම හකුලා ගන්නා ලෙස ආණ්ඩුව බලකර සිටින බවත් එසේ කටයුතු කිරීමට බලධාරීන් කටයුතු නොකළහොත් මෙවර සිංහල සහ හින්දු වය අවුරුදු උදාවීමෙන් පසු සතිය තුළ සමස්ත දුම්රිය සේවකයින් සහභාගි කරවා ගනිමින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැදවුම්කරු ඩී.එම්.ඩී අබේරත්න, දුම්රියේ ඉංජිනේරු සංගමයේ ප්‍රධාන ලේකම් කේ.එම් ප්‍රේමකුමාර, දුම්රිය නියාමක සංගමයේ සභාපති ජානක ප්‍රනාන්දු සහ දුම්රිය තාක්ෂණ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එම්.ඒ රත්නසිරි යන මහත්වරුන් ද සහභාගි විය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට