සත්‍යයේ පුවත් අඩහැරය….

මුල්ම පදක්කම ලබා දීමට චතුරංග ලක්මාල් සමත්වේ..

Podu Jana Peramuna21 වන පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙල ඊයේ (4) දින ගෝල්ඩ්කෝස්‌ට්‌හි කරාරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීය. මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බර ඉසිලීමේ තරග අපේක්‌ෂාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තිදෙනෙකු සහභාගි විය. ඒ අනුව 56 බර පංතියේ චතුරංග ලක්‌මාල්ද, 62 බර පංතියෙන් තිලංක විරාඡ් කුමාර සහ 48 බර පංතියෙන් දිනූෂා හංසනී ගෝමස්‌ තරග වදිනු ඇත. ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 5.10 ට ආරම්භවූ බර ඉසිලීමේ තරගයන් මෙරටට මුල්ම ලෝකඩ පදක්කම ලබා දීමට චතුරංග ලක්මාල් සමත් වී ඇත. ඔහු විසින් ඔසවන ලද මුළු බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 248 ක් වන අතර අනෙකුත් තරගයන් ශ්‍රි ලංකා වේලාවෙන් ප ව 2.10 ට සහ පෙව 9.42 ට වශයෙන් පැවැත්වීමට නියමිතව ඇත. කිලෝ ග්‍රෑම් 56 බර ඉසිලීමේ තරගයට අනුව රන් පදක්කම මැලේසියාවේ ඉසාර් අහමඩ් දිනාගන්නා ලද අතර රිදී පදක්කම ඉන්දියාවේ ගුරුරාජා දිනා ගැනීමට සමත්වී ඇත.

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට