සත්‍යයේ පුවත් අඩහැරය….

පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය ලබාගත් ජයග්‍රහණය, විශ්වාසභංගය නිසා මස්තබාල්දු වුනා – පුරවැසි සංවිධාන එකමුතුව

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙනඑන ලද විශ්වාසභංග යෝජනාව සම්බන්ධ ඡන්ද විමසිමෙන් පසු අගමැතිවරයා පිළිබදව වන විශ්වාසය තහවුරු වී ඒකාබද්ධ විපක්ෂය පිළිබදව කිසිදු විශ්වාසයක් නොමැති බව සනාථ වූ බව පුරවැසි සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි.පසුගියදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පුරවැසි සංවිධාන එකමුතුවේ සාමාජික පූජ්‍ය දඹර අමිල හිමියන් විසින් මෙම අදහස් පළකරන ලද අතර වැඩිදුරටත් සිය අදහස් දක්වමින් උන්වහන්සේ අවධාරණය කර සිටියේ පසුගිය පෙබරවාරි 10 වන දා තමන් ලද ජයග්‍රහණය, මෙම විශ්වාසභංග යෝජනාව පරාජය වීමත් සමග මස්ත බාල්දු කරගැනීමට ඒකාබද්ධ විපක්ෂය විසින් කටයුතු කරගන්නා ලද බවයි.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු වත්මන් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමේ මූලාරම්භය වත්මන් ජනාධිපතිවරයා විසින් දියත් කළ බවත් විවිධ පාර්ශවයන් උසිගන්වමින් ජනාධිපතිවරයා විසින් එවැනි ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් දැඩි කණගාටුවට පත්වන බව ද පූජ්‍ය දඹර අමිල හිමියන් වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ පුරවැසි සංවිධාන එකමුතුවේ සාමාජික ගාමිණි වියන්ගොඩ මහතා පවසා සිටියේ මහබැංකු බැදුම්කර වංචාව මූලික කරගනිමින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වූ අතර මෙරට දේශපාලන ඉතිහාසයේ කිසිදු දිනෙක යම් චෝදනාවක් සම්බන්ධයෙන් අමාත්‍යවරයෙකු ඉල්ලා අස්වී නොමැති නමුත් අදාළ බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිටපු මුදල් අමාත්‍යවරයා සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බවයි.

අග්‍රාමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන්නැයි තමන් විසින් කරන ලද ඉල්ලීම රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු සිය හෙන්චයියන් අමතා අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම සදහා විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවසන්නට ඇතැයි සැකයක් මතුවන බව ද ගාමිණි වියන්ගොඩ මහතා සිය අදහස් දක්වමින් තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා පුරවැසි සංවිධාන එකමුතුවේ සාමාජිකයින් වන සමන් රත්නප්‍රිය, වික්‍රමබාහු කරුණාරත්න, නීතිඥ නාමල් රාජපක්ෂ සහ පිලිප් දිසානායක යන මහත්වරුන් ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට