සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුවේ ඉන්නවාද, නැද්ද? ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද..

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (09) රාත්‍රියේදී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. මෙම විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සදහන්ය. ඒ අනුව වත්මන් ජාතික ආණ්ඩුව තුළ පක්ෂය තවදුරටත් කටයුතු කරන්නේද යන්න සම්බන්ධයෙන් මෙන්ම ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී තීරණයන්ට එළඹෙනු ඇත. අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙනඅා විශ්වාසභංග විවාදයේදී ඊට පක්ෂව ඡන්දය ලබාදුන් මෙන්ම එම විවාදයට නොපැමිණි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අමාත්‍යවරුන් තම අමාත්‍යධූර අත්හරින්නේද, නැතිනම් විශ්වාසභංගයට විරුද්ධ වූ අමාත්‍යවරුන් පමණක් තනතුරු අත්හරින්නේද යන්න පිළිබදව ද මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතව ඇති බව පක්ෂ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට