අද කැබිනට් රැස්වීම වර්ජනය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අමාත්‍යවරුන් තීරණය කරයි..
අද (10) පැවැත්වෙන කැබිනට් මණ්‌ඩල රැස්‌වීම වර්ජනය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අමාත්‍යවරුන් තීරණය කර ඇත. ඊයේ (09) පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී එම අමාත්‍යවරුන් විසින් මෙම තීරණයට එළඹ ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති නිල නිවසේදී මෙම මධ්‍යම කාරක සභා රැස්වීම පවත්වන ලද අතර යළි හෙට (11) දිනයේදී ද මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසා සිටියි.