සත්‍යයේ පුවත් අඩහැරය….

ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලිය ගාල්ලේදී..

Podu Jana Peramunaඒකාබද්ධ විපක්ෂයේ මෙවර මැයි දින රැලිය ලබන මැයි මස 07 වනදා ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇති බව එම ආරංචි මාර්ග පවසා සිටියි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 ම පොදු ජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් ජයග්‍රහණය කළ බැවින් ගාලු ජනතාවට උපහාරයක්‌ වශයෙන් මෙවර මැයි දින රැලිය ගාල්ලේදී පවත්වන ලෙස කරන ලද ඉල්ලීමට අනුමැතිය ලැබී ඇති බව පොදුජන පෙරමුණේ ගාල්ල දිස්‌ත්‍රික්‌ නායක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසා සිටින ලදී. ඒ අනුව මෙවර මැයි දින රැළිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට