සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විශ්වාසභංගය නිසා අගමැතිවරයා ගැන තිබූ අංශු මාත්‍රයක විශ්වාසයත් භංග වූවා – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

Podu Jana Peramunaඅග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් අංශු මාත්‍රයක හෝ විශ්වාසයක් පැවැතියේ නම් එම විශ්වාසයද පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවත් සමග භංග වී ගිය බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් අවධාරණය කර සිටියි. “එළිය” සංවිධානය විසින් අද (10) කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසා සිටියේ කොන්දේසි 10 ක් ඉදිරිපත් කරමින් ද්‍රවිඩ ජාතික සන්ධානය මෙම විශ්වාභංගය පරාජය කිරීමට සහය වූ අතර විශ්වාසභංගය ජයගැනීම සදහා ආණ්ඩුව රට පාවාදීමට කටයුතු කරන ලද බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ “එළිය” සංවිධානයේ ක්‍රියාකාරී සාමාජික හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ රජය කටයුතු කරන්නේ වියපත් ගණිකාවක් ලෙස බවයි. මෙම මාධ්‍ය හමුව සදහා විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට