සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉන්දියාවේ පවා තහනම් වී ඇති කුඩා කාර් රථයක් දේශපාලකයින්ගේ වුවමනාව මත මෙරටට ගෙන්වීමට රජය කටයුතු කරමින් සිටිනවා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaත්‍රිරෝද රථ වෙනුවට 2016 වසරේදී මෙරටට ආනයනය කිරීමට සූදානම් වූ, පසුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සිදුකරන ලද පරීක්ෂණයකින් මෙරට තුළ ධාවනයට නුසුදුසු බවට නිර්දේශ කර ආනයනය නවතන ලද කුඩා කාර් රථය නැවත මෙරටට ආනයන කිරීමේ උත්සහයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. එහි සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක මේ බව සදහන් කර ඇති අතර එහි වැඩිදුරටත් සදහන් වන්නේ මෙරට දේශපාලකයන් කිහිපදෙනෙකුගේ උවමනාව මත අදාළ කුඩා රථය නැවත මෙරටට ආනයනය කිරීමට රජය කටයුතු කරමින් සිටින අතර එය මෙරට ජනතාවගේ ආරක්ෂාවට දැවැන්ත තර්ජනයක් වන බවයි.

මේ වන විට මෙරට තුළ සිදුවන රථවාහන අනතුරු ප්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් පවතින තත්ත්වයක් තුළ මෙම අනාරක්ෂිත මෝටර් රථය මෙරටට ආනයන කිරීම රථවාහන අනතුරු කෙරෙහි රටේ ජනතාව තුළ පවතින බිය තවත් තිව්ර කරන්නක් බව ද මෙම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන්ය. මෙම කාර් රථය අනාරක්ෂිත තත්ත්වයේ පැවතීම නිසා එහි නිෂ්පාදිත රට වන ඉන්දියාව තුළ පවා එය අධිකරණයක් විසින් තහනම් කර ඇති අතර රජය කළයුත්තේ ජනතාවට කාර් රථ ලබාදීමට නම් මෙවැනි අනාරක්ෂිත රථ ගෙන්වීම නොව, මරුටි සහ ඇල්ටෝ වැනි කාර් රථවල බදු මුදල් අඩු කිරීම බවද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සිය නිවේදනය මගින් තවදුරටත් අවාධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට